අනෙකුත් වංචා දූෂිතයන්ගේ වංචා දූෂණ අමාත්‍යවරයන්ගේ වංචා දූෂණ සොයන ආකාරයටම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වංචා දූෂණ සෙවීම සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.
සුදන වගේ කතාබහ කළත් ඔහුට එරෙහිවත් චෝදනා ගණනාවක් එල්ලවී තිබෙන බවද එම සංගමයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කළේය. මීට අමතරව සයිටම් රැක ගැනීමට කටයුතු කරන මැති ඇමතිවරුන්ට මුදල් කුට්ටි ගණන් ලබාගෙන තිබෙන බවට චෝදනාවක් එල්ලවෙමින් තිබෙන නිසා ඒ පිළිබඳව සොයා බැලීමට ජනාධිපති විමර්ශන කොමිසමක් පත්කළ යුතු බවද අද (16දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.