වෛද්‍ය චැනල් සේවාවක් සහ රෝහල්වලින් සැපයෙන සේවාවලින් 15% වැට් බද්ද අය කළද එය රෝගීන්ට බලනොපාන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ කුමන පදනමකින්ද යන්න රටට හෙළිකරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය ඉල්ලා සිටියි.
උපරිම චැනල් ගාස්තුව රුපියල් 2000 ක් බවට සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන බවත්, එහෙත් බොහෝ ස්ථානවල චැනල් ගාස්තුව රුපියල් 1200 ත් 1500 ත් අතර මුදලක් බවත් එම සංගමයේ සභාපතිවරයා සඳහන් කළේය.
මේ නිසා චැනල් ගාස්තුව රුපියල් 2000 ක් කිරීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින්ම අවසර ලබාදී තිබෙන බවද ඔහු පවසා සිටියේය.