ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තෝරා පත්කරගෙන ඇති බව අමාත්‍යාංශ නිවේදනය කළේය. විධායක සභාවට සාමාජිකයන් 34 කු පත්කරගන්නා අතර එම සාමාජිකයින්ගේ නිලකාලය වසර දෙකක් වෙයි. මෙවර විධායක සභාවට ආසියානු රටවල් 04 ක නියෝජිතයින් තේරී පත්වී ඇත.