සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෑමවිටම අන් අයට ගරහන, නිග්‍රහ කරන චරිත විනාශ කරන ඇමතිවරයෙකුයැයි සබරගමුව පළාත් උපප්‍රධාන සංඝනායක කෝම්පිටියේ සුසීල නාහිමියෝ ප්‍රකාශ කරති.
අමාත්‍ය ඩබ්.ඩී.ජේ.සෙනවිරත්න අමාත්‍යවරයාට එරෙහිව රාජිත අමාත්‍යවරයා සිදුකළ අපහාසාත්මක ප්‍රකාශ හෙළාදකිමින් අද (05දා) රත්නපුරේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.
“අප පසුගිය කාලසිමාව තුළදීම දැකපු දෙයක් තමයි ද්වේශ සහගතව ඔහු කරන ප්‍රකාශ. ඩබ්.ඩී.ජේ.සෙනවිරත්න වැනි පරිණත නායකයෙකු විවේචනය කරනවනම් කළ යුත්තේ රාජිත වැනි ඇමතිවරුන් නෙවෙයි, රත්නපුරේ අපියි.
රාජිත කළ ද්වේශ සහගත ප්‍රකාශ අප ඉතා පිළිකුලෙන් යුතුව හෙළාදකිනවා. ඉදිරියේදී මෙවැනි දේ සිදුවුණොත් අප සියලු දෙනා එක්වී දැඩි තීන්දු තීරණ ගැනීමට පසුබට වන්නේ නැහැ. රජය, හමුදාව යොදාගෙන අප නොහිතපු විදිහේ පාලනයක් ගෙනයන්න හදනවා. අපි මේවට විරුද්ධව නැගී සිටිනවා.”