ආරක්ෂක තත්ත්ව යටතේ රට තුළ කංසා වගා කරන්නට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා එසේ ප්‍රකාශ කළේ වෙන්ඩෝල් ලංකා සමාගම මගින් වාද්දූව පොතුපිටියේ ඉදිකළ ආයුර්වේද රෝහලක් සහිත සංචාරක හෝටලය පෙරේදා (02දා) රාත්‍රි‘යේ විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
ඇමතිවරයා එසේ ප්‍රකාශ කළේ කංසා යනු වටිනා ආයුර්වේද ඖෂධයක් බවත්, එවන් ඖෂධ විදේශ රටවලට අලෙවි කිරීම තුළින් අති විශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ලබා ගත හැකි බවත්, වෙන්ඩෝල් ලංකා සමාගමේ සභාපති වෛද්‍ය එල්.ජී. ගොඩකන්ද මහතා කළ කරුණු දැක්වීමෙන් පසුවය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද කීය.
'ආයුර්වේද ඖෂධ හිඟය මගහැරවීම සඳහා රට තුළ ඔසු උයන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි දැන් නිකවැරටියේ ඔසු උයනක් ආරම්භ කර තිබෙනවා. ඖෂධ නිපදවීමට අවශ්‍ය කංසා දැන් ඉන්දියාවෙන් ගෙන්වීමට සූදානම් කර තිබෙනවා. ඉදිරියේදී ආරක්ෂක තත්ත්ව යටතේ කංසා රට තුළ වගා කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා' යැයි ද කීය.
සුනිල් එස්. තන්ත්රිආරච්චි - කළුතර