බේරුවල ආසනය පොදුජන පෙරමුණ ජයගෙන ඇති බැවින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිටින තැනක් සොයාගත නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
පළාත් පාලන මැතිවරණය පුරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අභියෝග කරමින් සිටි රාජිත සේනාරත්න ඇමතිවරයාට තම බල ප්‍රදේශයේ විශ්වාසය නැතිවී තිබීම කනගාටුවට කරුණක් බවද මන්ත්‍රීවරයා කීවේය.
සෑම දෙනාම සෑම විටම රැවටිය නොහැකි යැයි ඊයේ (10දා) දිනයේදී ජනතාව පණිවුඩයක් ලබා දුන් බවත්, කුමන්ත්රණවලින් ආණ්ඩු බලය ඇල්ලීමට ඒකාබද්ධ විපක්ෂයේ කිසිදු සූදානමක් නැති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.