පසුගිය ආණ්ඩු සමයේදී ආයතන සංග්‍රහය යටතේ වැරැදි සිදුකළ නිලධාරීන් දෙදෙනෙකුට වර්තමාන ආණ්ඩුව යටතේ නව තනතුරු දෙකක් ලබාදීමට නිසා රාජ්‍ය සේවා කොමිසමද වැරැදි සිදුකර ඇතැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය සඳහන් කරයි.
එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් කළමනාකරු ශාන් විජේතුංග මහතා මේ බව පැවසුවේ, අද (30දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
එහිදී වැඩිදුරටත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, පසුගිය ආණ්ඩු සමයේදී මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය මුදල් යෙදවීම පිළිබඳව චෝදනා එල්ල වූ අනූෂ පැල්පිට හා ආර්.ඒ.ඒ. රණවක යන මහත්වරුන්ට අතිරේක ලේකම් තනතුරු ලබාදී තිබෙන බවයි.
මූල්‍ය චෝදනා එල්ල වන අවස්ථාවේදී අදාළ නිලධාරීන්ගේ වැඩතහනම් කිරීම රාජ්‍ය සේවා කොමිසම සිදුකළ යුතු බවත්, එහෙත් එම කටයුත්ත සිදු නොකර රාජ්‍ය සේවා කොමිසම වරදක් කර අති බවද ශාන් විජේතුංග මහතා අවධාරණය කළේය.
පත්වීම ලබාදීමේදී චෝදනා එල්ල වූ පිරිස්වලට පත්වීම් ලබාදිය නොහැකි අතර, එහෙත් රාජ්‍ය සේවා කොමිසම චෝදනා එල්ල වූ පුද්ගලයන්ට පත්වීම් ලබාදී දෙවැනි වරටත් වරදක් කර ඇතැයිද ඒ මහතා පවසා සිටියේය.