රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමට අදාළ ඉතිරි රුපියල් 2000 ජුනි මාසයේදී පටන් ගෙවන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය. පාර්ලිමේන්තුවේදී අද (22දා) ඔහු මේ බව සඳහන් කලේය. ඒ අනුව මේ වසරේ රජයේ සේවක වැටුප 10,000කින් වැඩි විය. ඒ හා සමගාවීම රජයේ සේවකයින්ගේ විශ්‍රාම වැටුපද වැඩිකරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.