රජයේ සේවකයන් සඳහා මෙතෙක් තුන් වතාවකදී ලබාදුන් 20% විශේෂ දීමනාව සහ මෙවර අයවැයෙන් ලබාදුන් රු.2,200/- ක වැටුප් වැඩිකිරීම මූලික වැටුපට එකතුකර ලබන ජුලි 01දා සිට ගෙවීමට පියවර ගන්නා බව රාජ්ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.
රාජ්ය සේවකයන් සඳහා 2011 දී 5% ක්, 2012 දී 10% ක් සහ 2013දී 5% ක් වශයෙන් මෙකී විශේෂ දීමනාව ලබාදී ඇත.
2015 අයවැය හරහා කළ වැටුප් වැඩිකිරීම ලබාදෙන තෙක් ලක්ෂ 14ක් වන මෙරට සියලු රජයේ සේවකයන්ට රු.3,000/- ක් හා සියලු විශ්රාමිකයන්ට රු.2,500/- ක් බැගින් අන්තර් දීමනාවක් ලෙස ලබන නොවැම්බර් 01 වැනිදා සිට ලබා දෙන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.