මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පොලොන්නරුව බුද්ධි මණ්ඩපයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත. 2014 වෙසක් සතිය මැයි 11 වැනිදා සිට මැයි 17 වැනිදා දක්වා පැවැත්වෙන බව බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය පවසයි.
රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුව සමරු මුද්දර 04 ක් මුද්‍රණය කිරීමටද කටයුතු යොදා තිබේ. මෙම මුද්දර සඳහා දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටි පොළොන්නරුවේ ස්ථාන දෙකක් හා අනුරාධපුර එක් ස්ථානයක්ද, මහනුවර ශ්‍රී දළදා මාළිගාවද යොදාගැනීමට නියමිතය.