හමුදා බුද්ධි අංශයේ කෝප්රල්වරයෙකු කෘතිම දණහිස් ආවරණ දෙකක් පැළද ගෙන ඒ තුළ ස්වර්ණාභරණ තොගයක් සඟවා ගෙන කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තය ඔස්සේ පිට කිරීමට තැත් කිරීමේ දී රේගුව විසින් ඊයේ (17දා) රාත්‍රියේ අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුනිල් ජයරත්න මහතා පැවසීය .
මෙසේ අත් අඩංගුවට ගත් ස්වර්ණාභරණ තොගයේ බර කිලෝ ග්‍රෑම් 2 ක් බවත් , ඒවායේ වටිනාකම රුපියල් 91,48,815 ක් බවත් රේගුව සදහන් කරයි.
සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 309 දරන ගුවන් යානයෙන් පැමිණි මගියෙකු විසින් තමන්ට මෙම ස්වර්ණාභරණ තොගය භාර දුන් බව අත් අඩංගුවට ගැනීමෙන් පසු කෝප්‍රල්වරයා රේගුව හමුවේ ප්‍රකාශ කර තිබේ .