කිසියම් රාජ්‍ය නිලධාරියෙක් කිසියම් කරුණක් සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වීමට ප්‍රථමව අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් අවසර ලබාගත යුතු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
අද (22දා) නව රජයේ පළමු කැබිනට් මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් හෙතෙම මෙම අදහස් දැක්වීය.
වැරදි ප්‍රකාශ සිදුවීම අවමකර ගැනීම සඳහා මෙම තීරණය ගත් බවත් හෙතෙම කීවේය.
එසේම හමුදා ප්‍රකාශක තනතුරු අහෝසිකිරීම සඳහා සාකච්ඡා කළ බවත් හෙතමෙ කීවේය.