බලයේ සිටින හා බලයේ සිටි ලෝක රාජ්‍ය නායකයන් 72ක් සහ ධන කුවේරයන් විසින් තම වත්කම් සැඟවීම පිණිස බදු රැකවරණය අභය භූමියක් යොදාගත් ආකාරය පිළිබඳ රහස් ලිපිගොනු රැසක් හමුවී තිබේ.
ඒ අනුව, පැනමාවේ නීති ආයතනයක් යොදා ගනිමින් ජාත්‍යන්තර වත්කම් සීමාවන්ට හසු නොවන ආකාරයෙන් මුදල් විශුද්ධිකරණය කිරීමට හා නියමිත බදු ගෙවීමෙන් නිදහස් වී සිටීමට මෙම ලෝක රාජ්‍ය නායකයන් හා ධන කුවේරයන් කටයුතු කර ඇති බව අනාවරණය වී ඇත.
ජර්මානු පුවත්පතක් විසින් සිදුකරන මෙම අනාවරණයට අනුව පැනමාවේ Mossack Fonseca නමැති නීති ආධාර ආයතනය ලොවපුරා ධනවත් පුද්ගලයන්ට සමාගම් ආරම්භ කර තම රටවල ආදායම් බදු ගෙවීම්වලින් මිදී සිටීමේ හැකියාව ලබාදී ඇත.