මැයි දින රැළිය සඳහා රාජ්‍ය දේපළ භාවිතා නොකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උපදෙස් දී ඇති බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.
අද(26දා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේබව කීය. ප්‍රවාහන කටයුතු වලදී රජයේ බස්රථ යොදා ගන්නේ නම් ඒ සදහා ගෙවිය යුතු මුදල් ගෙවා ඊට අදාල රිසිට්පත රථයෙහි ඉදිරිපස අලවන ලෙසද ජනාධිපතිවරයා විසින් උපදෙස් දී ඇති බවද මනුෂ නානායක්කාර මහතා තවදුරටත් පැවසීය. මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන්ලාල් ග්‍රේරෝ , සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන්ද සහභාගි වුහ.