තංගල්ල මැඩිල්ල මුහුදු වෙරළ තීරයේ ඉදිකර ඇති අනවසර සංචාරක හෝටල් ඉවත් කිරීමට පැමිණි වෙරළ සංරක්ෂක නිලධාරීන් හට අද පෙරවරුවේ ධීවර රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි මහතා බාධා කර ඇත.
තවද හම්බන්තොට පළාත් සභා මන්ත්‍රී නිහාල් වෙදආරච්චි මහතා සහ එම සංචාරක හෝටල් ව්‍යාපාරිකයන්ද මෙම රාජ්‍ය නිලධාරීන් හට බාධා කිරීම නිසා හෝටල් ඉවත් කිරීම තාවකාලිකව නවතා දමා තිබේ. මෙම ස්ථානයේ ආරක්ෂාවට පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය යොදවා ඇත. මේ වන විට එම සංචාරක හොටල් කඩා ඉවත්කරමින් සිටියි.