නව රජයේ රාජ්‍ය ඇමතිවරුන්ට මාස හතරක කාලයක් තිස්සේ නිසි විෂය පථයක් වගකීමක් නොපැරවීමේ තත්ත්වය මත වැඩ කළ හැකි පිරිසකට වගකීම් නොපැරවීම හේතුවෙන් රාජ්‍ය ඇමතිවරු නිකමුන් බවටපත් කර ඇති බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
'අද' ට විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මෙසේ පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රංගේ බණ්ඩාර මහතා මෙසේද පවසා සිටියේය.
"පසුගිය අගොස්තු 17 වැනිදා නව රජය පිහිටුවන්න සියලු දෙනාම විශාල කැපවීමක් කළා.ඒ අනුව නව අමාත්‍යාංශ සඳහා නව රජයේ අමාත්‍යවරුන්ට අමාත්‍යාංශ වල වැඩ කිරීමට රාජ්‍ය ඇමතිවරු පත් කළා. නමුත් එසේ පත් කළ රාජ්‍ය ඇමතිවරුන්ට මාස හතරක් යන තුරුත් එම අමාත්‍යාංශවල වගකීම් පවරා නැහැ. මට අයිති රාජ්‍ය අමාත්‍යංශයේ ආයතන 11 තිබෙනවා මම වැඩ කරන්නේ මගේ හැකියාවෙන් අපිට වගකිමක් නොමැතිව නිකන්ම නිකන් රාජ්‍ය ඇමතිවරු බවයි. අපිට පෙනෙන්නේ"