රාජ්‍ය සංස්ථා ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකම ප්‍රධන තනතුරු කිහිපයක් ඉදිරියේදී වෙනස් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව තිබේ.
අද (26දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී වරාය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මේ බව තහවුරු කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,
“වෙනස්කම් ගණනාවක් කරන්න එතුමා (ජනාධිපති) නායකත්වය දෙන බව කිව්වා. අගමැතිතුමත් සමග සාකච්ඡා කරලා ආයතන ප්‍රධානීන්, සංස්ථා, රජයේ වෙනත් ආයතනවල සභාපතිවරු, මූලිකයෝ පවා වෙනස් කරන්න පසුබසින්නේ නෑ කියලා එතුමා කිව්වා” යැයි පැවසීය.