මේ වසරේ මුල් මාස නවය තුළ රාජ්‍ය ආදායම පසුගිය වසරේ (2015) අනුරූප කාලපරිච්ඡේදය සමග සැසඳීමේදී 23%කින් ඉහළ ගොස් ඇති බව 2017 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව දක්වා තිබේ.එම වාර්තාවට අනුව 2015 වසරේ මුල් මාස නවය අවසානයේ රුපියල් බිලියන 959ක්ව පැවැති රජයේ ආදායම මේ වසරේ එම කාලසීමාව තුළ රුපියල් බිලියන 1179 දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම මෙම කාලසීමාව තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 1067 දක්වා 20.2%කින්ද බදු නොවන ආදායම රුපියල් බිලියන 112 දක්වා 58.6%කින්ද වර්ධනය වී ඇති බව 2017 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව සඳහන් කර ඇත.
දේශීය පරිභෝජනය මත පදනම් වූ බදු ආදායම මේ වසරේ පළමු මාස නවය තුළ රුපියල් බිලියන 303 ක් වී ඇති අතර, 2015 වසරේ අනුරූප කාලයේදී එය රුපියල් බිලියන 250 කි. ඒ අනුව දේශීය පරිභෝජනය මත පදනම් වූ බදු ආදායම මේ වසරේ 21.4%කින් වැඩි වී ඇත.
දේශීය පාරිභෝජනය මත එකතු කළ අගය මත බදු ආදායම රුපියල් බිලියන 157 දක්වා 23.7%කින් වැඩි වී ඇති අතර, ජාතිය ගොඩනැගීමේ බදු ආදායම රුපියල් බිලියන 27 දක්වා 37.7%කින් වැඩි වී තිබීම රාජ්‍ය ආදායම වැඩිවීමට ප්‍රධාන වශයෙන්ම බලපා ඇති බවද අදාළ වාර්තාව පෙන්වා දෙයි.
තවද මෙම වසරේ මද්‍යසාර බදු වශයෙන් රුපියල් බිලියන 89 ක් ලැබීමෙන් එය 20.6%කින්ද, දුම්වැටි හා දුම්කොළ නිෂ්පාදන බදු ආදායම රුපියල් බිලියන 67.5 දක්වා හෙවත් 13.2%කින් වර්ධනය වීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවද අදාළ වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි. තවද 2015 වසරේ මුල් මාස නවය තුළ ලද සෘජු බදු ආදායම රුපියල් බිලියන 154 ක් වී ඇති අතර, මේ වසරේදී එය රුපියල් බිලියන 196 දක්වා 27%කින් වර්ධනය වී ඇත.