රාජපක්ෂවරු කිහිපදෙනෙකුගේ නඩු ඉදිරියේදී ඇසීමට නියමිත බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.මාතරදී අද (01දා) පැවති පාක්ෂික හමුවක් අමතමින් ඒ මහතා එසේ පවසා සිටියේය.
"මහ බැංකු හොරකම ගැන කතා කරන අයට අමතක වෙලා තියෙනවා පෙර පාලනයේ මීට වඩා වංචා තියෙනවා කියලා. එහෙම බැලුවම මේක කජ්ජක්. ගොඩක් අය අහන දෙයක් තමයි ඇයි ඒ හොරකම් මැරකම්වලට නීතිය ක්‍රියාත්මක නොවෙන්නෙ කියලා. ඒකට හේතුව අපේ නඩු අහන ක්‍රමය අනුව නඩු කල් යෑමයි.
යහපාලනය කියන්නෙ අපිට ඕන විදියට නඩු තීන්දු ගන්න එක නෙමෙයි. බැසිල්, යෝෂිත, නාමල්, ශිරන්ති, මේ හැම කෙනාටම නඩු ෆයිල් තියෙනවා. ඒවා නීතිපති දෙපාර්තමේන්තුවේ හිරවෙලා තියෙන්නේ. ඉන් එකක්වත් යට ගහලා නැහැ. අනිත් එක බොරුවට දඬුවම් කරන්නෙත් නැහැ. නීතියේ ආධිපත්‍ය තුළ ඒ කරපු වැරදිවලට දඬුවම් ලැබෙනවා. ඒ නිසා ඉදිරියේදී රාජපක්ෂ පවුලේ කිහිපදෙනෙකුගේ නඩු එළියට එනවා" යැයි ද පවසා සිටියේය.