හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට විරුද්ධව නඩු අසා, දඬුවම් කර, සිරගත කිරීම සඳහා පවතින අධිකරණ පද්ධතියට පිටින් විශේෂ අධිකරණයක් පත්කළ යුතු බවට ආණ්ඩුවේ පාර්ශ්වයෙන් යෝජනා කර තිබුණද එවැනි අධිකරණ පිහිටුවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
එවැනි ප්‍රකාශ සිදුකර ඇති පුද්ගලයන් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ අයන්න ආයන්නවත් කියවා නොමැති බවත්, මෙවැනි යෝජනා සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලැබී තීබීම සම්බන්ධව තමන් මවිතයට පත්වන බවත් ඒ මහතා සඳහන් කළේය.
මේ ආකාරයට හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිය වසර හතකට අහෝසි කිරීම සඳහා මීට පෙර එක්සත් ජාතික පාලන සමයේදී දේශපාලන උවමනා මත විශේෂ කොමිෂන් සභාවක් පත්කළ බවත්, බණ්ඩාරනායක මහත්මිය සතපහක් හෝ සොරකම් නොකර සිටියදී ශ්‍රී ලංකා නීතියේ කිසිම තැනක සඳහන් නොවන වැරදි සම්බන්ධව වැරදිකරු කළ බවත් හෙතෙම පවසා සිටියේය.
සිරිමාවෝ මහත්මිය තමන්ට සිදුවු අසාධාරණය හේතුවෙන් අධිකරණයට රීට් ආඥාවක් ඉදිරිපත් කළ අවස්ථාවේදී අධිකරණයේ තීරණ අහෝසි කිරීමට එම රජය පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කළ බවද පීරිස් මහතා ප්‍රකාශ කළේය.