රාජපක්ෂ පවුලට මේ රටේ පාලනය අත්හරින්නට අමාරු බවත්, මේ අය ව්‍යවස්ථාව රකිනවා නොව ඔවුන් උත්සාහ කරන්නේ ව්‍යවස්ථාව කඩන්නට බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
අද තිබෙන්නේ පැහැදිලි ව්‍යවස්ථා විරෝධී තත්ත්වයක් බවත්, තමන් ජනාධිපතිවරණයට බිය වී නැති බවත් ඒ මහතා කීය.
ඔහු මේ බව කියා සිටියේ ප්රජාතන්ත්රවාදය සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේදී සංවිධානය කර තිබූ ජන හමුවක් අමතමිනි.
"මේ රටේ හැම පාලකයාටම බලය අත්හරින්න පුළුවන්. ඒත් රාජපක්ෂ පවුල බලය අත්හරින්න කැමතිම නැහැ. රටේ ලොක්කා මහින්ද රාජපක්ෂ මහත්තයා, ආර්ථිකයේ ලොක්කා තමන්ගේ සහෝදරයා, පාර්ලිමේන්තුවේ ලොක්කා නාමල් රාජපක්ෂ, අද රාජපක්ෂ බූවල්ලා රටේ ධනය සම්පත් තිබෙන සෑම අංශයක්ම තම අඬු විහිදාගෙන අල්ලාගෙන" යැයිද දිසානායක මහතා කීය.