හිටපු ජනපති, කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද රාජපක්ෂ මහතාට හා ඔහුගේ පවුලේ උදවියට ඇත්ත් එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් වෙන සිදුකරන විමර්ශන කඩිනම් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
එම පරීක්ෂණ මන්දගාමීව සිදුකරන බවට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්රීවරුන් දිගින් දිගටම කරුණු දැක්වීමේ ප්රතිඵලයක් මත මෙසේ විමර්ශණ කඩිනම් කිරීමට අවධානය යොමුකර ඇත.
වතමන් රජය බලයට පත්ව මේ වන විට වසර 2ක හමාරකට පමණ කාලයක් ගතවි ඇතත් රාජපක්ෂ පවුලට එල්ල වී ඇති පරීක්ෂණ තවමත් අවසන්ව නොමැත.
පසුගිය සතියේ පැවැති කැබිනට් රැස්වීමේදීත් ඇමතිවරුන් කිහිප දෙනෙකුම මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇතැයි වාර්තා වේ.
රන්ජන් කස්තුරි