ගම්පහ- ඔරුතොට පාරේ ඉඩමක් මිලදී ගැනීම සඳහා රජයේ මුදල් අවභාවිත කළායැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රාජපක්ෂ පදනමේ සාමාජිකයෙකු වෙන උපුල් සෙනෙවිරත්න මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරනු ලැබීය. ඊයේ දිනයේදීත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් රාජපක්ෂ පදනමේ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ඇප මත මුදාහරිනු ලැබීය.
මේ අතර හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතාද ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (24 දා) පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට පැමිණියේය.