කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බැසිල් රාජපක්ෂ මහතාගේ හිටපු ලේකම් විලී ගමගේ හා රාජපක්ෂ පදනමේ භාණ්ඩාගාරික ආරියරත්න දහනායක මහත්වරු දැඩි ඇප කොන්දේසි මත මුදාහරින ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා අද(23දා) නියෝග කළේය.
මෙහිදී රුපියල් 50,000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 400 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් තබන ලෙස සැකකරුවන්ට නියම කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන්ට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගතවීම තහනම් කළේය.
ඡායා - ශමීර රාජපක්ෂ