නැවතවරක් රාජපක්ෂ කෙනෙක් ජනපති නොවන බවත්, හිටපු ජනපතිවරයා පන්සල්වලට ගොස් පක්ෂ කාර්යාල හදමින් සංඝභේදය ඇති කරන බවත් අමාත්‍ය පී. හැරිසන් මහතා කීවේය.
මරදන්කඩවල ප්‍රදේශයේ ඊයේ (19දා) පැවැති උත්වසයකදී ඔහු මේ බව පැවසීය.
“ පන්සල් වලට පුද පුජා කරන්න යන මුවාවෙන් ගිහින් පකෂ කාර්යාල හදනවා. මේ නිසා සමහර ස්වාමින් වහන්සේලා අමනාප වෙනවා. මේක එසේ මෙසේ දෙයක් නෙවේ. සංඝයා වහන්සේලා බේද කරන එක ආන්තරිය පාප කර්මයක් . මේ නිසා එතුමා මේ ආත්මයට පමණක් නොවේ තව ආත්ම ගණනකට පව් කරගන්නවා. ජනතාවගේ හදවත් තුල කැකෑරි කැකෑරි තිබුණු ගිනි බෝලය මහින්ද රාජපක්ෂ මැතිතුමා හදල තිබුණු වශි බෝලයට වැඩිය ශක්තිමත් වුණා. හදවතේ කැකෑරෙන ගිනි බෝලයේ ශක්තියෙන් වශි බෝලය පරාජය කළා” යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.
සංජීව රත්නායක