රාජගිරිය හා වැලිකඩ යන ප්රදේශවල පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව පැය පහක විශේෂ සෝදිසි මෙහෙයුමක් සංවිධනය කර තිබේ. එහිදී හඳුනාගත් නිවාස 300, වාහන 140ක් විශේෂ පරීක්ෂාවකට ලක්කර තිබේ.
පොලිස් නිලධාරීන් 87ක් හා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 50ක් මෙම සෝදිසි මෙහෙයුමට එක්ව තිබේ.
අද (25දා) අලුයම 3.30 සිට උදෑසන 8.30 දක්වා මෙම මෙහෙයුම ක්රියාත්මක කර තිබේ.
එහිදී වරෙන්තුකරුවන් 7ක්, සැකපිට අත්අඩංගුවට ගැනීම් 18ක්, රථ වාහන නඩු ලබාගැනීම් 15ක්, නීති විරෝධී මත්පැන් බෝතල්, ගංජා හා හෙරොයින් ඇතුළු බොහෝ දෑ පොලිස් අත්අඩජගුවට පත්ව තිබේ.