රාජකාරියේ යොදවා සිටියදී එක් නිලධාරියෙක් විසින් රැගෙන ගිය පිස්තෝලයක් අස්ථානගත වීම හේතුවෙන් හබරාදුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවීමට කටයුතු කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඊයේ (20දා) මෙම නිළධාරීන් දෙදෙනා උණවටුන,යක්දෙහිමුල්ල වැල්ලේ දේවාලයේ රාජකාරියේ යොදවා සිටියදී මෙම සිද්ධිය සිදුවී ඇත. පොලිස් මූලස්ථානය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ සේවය අත්හිටුවා තිබෙන බවයි.