කන්තලේ මූලස්ථාන පොලීසියේ සංචාරක අංශයේදී අද (23) පස්වරුවේ සිය රාජකාරි රිවෝලවරය භාරදීමට යෑමෙදී එය පත්තුවීමෙන් අසල සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට වෙඩි වැදී මියගිය බව පොලීසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ, කොස්තාපල් (48382) තල්පාවිල නැමැත්තෙකි. කොන්දට වෙඩිවැදුණු පොලිස් නිලධාරියා කන්තලේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
රාජකාරි නිමකර පැමිණි කොස්තාපල්වරයෙකු සිය රාජකාරි රිවෝල්වරය භාරදීමට අතට ගනිද්දී මියගිය කොස්තාපල්වරයාට වෙඩි වැදී ඇතැයි පොලීසිය කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් රිවෝල්වරය සතු කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.
ත්‍රිකුණාමලය චමෝද්‍යා නේත්‍රාංජලි අමරජීව