රාගම ප්රදේශයේදී නිමි ඇඳුම් ප්රදර්ශනාගාරයකට අයත් රුපියල් ලක්ෂ 77කට අධික මුදලක් රැගෙන යමින් තිබූ වෑන් රථයකට වෙඩි තබා පැහැර ගැනීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් පස් දෙනෙකු අද (03දා) අළුයමදී අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය මස 26 වන දින වත්තල ප්රදර්ශනාගාරයේ සිට කඩවත පිහිටි ශාඛාවක් වෙත මුදල් රැගෙන යමින් සිටියදී මෙම මුදල් පැහැර ගැනීම සිදුවිය.
අත්අඩංගුවට පත් සැකකරුවන් අතර එම නිමි ඇඳුම් ප්රදර්ශනාගාරයේ සේවකයෙකු හා හමුදා සාමාජිකයන් තිදෙනෙකු සිටින බව පොලීසිය සඳහන් කරයි.