ඔස්කාර් සම්මාන ලාභී ඉන්දීය සුපිරි සංගීතවේදියෙකු වන ඒ.ආර්. රහුමාන්ගේ කොළඹ ප්‍රසංගය ඔහු විසින් කල්දමා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඒ ශ්‍රී ලංකා විරෝධී ජනතාව විසින් ඔහුගේ නිවස පිහිටි චෙන්නායිහි පැවැති විරෝධතාවලින් අනතුරුවයි. ඔහුගේ කොළඹ ප්‍රසංගය එළැඹෙන 23දා පැවැත්වීමට නියමිතව තිබුණි.
ඔහුගේ මෙම කොළඹ ප්රසංග්යට රහුමාන් හා 19 දෙනෙකු ඉදිරිපත්වීමට නියමිතව තිබුණි. මීට දින කිහිපයකට පෙර රහුමාන්ගේ නිවස ආසන්නයේ ඔහු කොළඹට පැමිණීමට විරෝධය දක්වමින් පෝස්ටර්ද අලවා තිබුණ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වා සිටින සංවිධායකයන් පවසා ඇත්තේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් ප්‍රසංගය කල් දැමුණු බවයි.
රහුමාන්ගේ මීළග ප්‍රසංගය මැලේසියාවේදී මැයි මස 04දා පැවැත්වීමට නියමිතයි.