පිටකොටුව ආදුරුප්පු වීදියේ පවත්වාගෙන යන පොල්තෙල් බෙදාහරින ගබඩාවක තිබී පරිභෝජනයට නුසුදුසු ලෙස විෂ රසායනික ද්‍රව්‍ය ඇසිරීමට භාවිත කරන බැරල්වල ගබඩා කළ පොල්තෙල් ලීටර 30,000 ක් සොයාගැනීමට පාරිභෝගික සේවා නිලධාරීන් සමත්ව තිබේ.
එම පොල්තෙල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 66 ක් පමණ වන බවද පාරිභෝගික සේවා නිලධාරීහු පවසති.