ශ්‍රී ලංකාවේ ප්රමුඛ පර්යේෂණ ආයතනයක් වන මූලික අධ්‍යයන ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් වසර 10කට අධික කාලයක් පුරා සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස පරිසර හිතකාමී ජෛව පොහොර නිෂ්පාදන තාක්ෂණයක් සොයාගෙන තිබේ.
ලොව ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී සිදුකළ නිෂ්පාදනයක් ලෙස පෙන්වා දෙන මෙම පොහොරවලින් රසායනික පොහොර භාවිතය 50% කින් අඩුකර ගත හැකි බවද පැවසෙයි.
දේශීයව නිෂ්පාදිත ජෛව පොහොර හඳුන්වාදීම සඳහා ඊයේ (6දා) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති දැනුම්වත් කිරීමේ උත්සවයේ මේ බව අනාවරණය කෙරිණි.
ශ්‍රී ලංකාවෙන් පමණක් ලබාගන්නා අමුද්‍රව්‍යවලින් නිෂ්පාදනය කරන මේ බයෝෆිල්ම් (BIOFILM) නම් පොහොර පරිසර හිතකාමී, 100% ක්ම ස්වාභාවික මෙන්ම, කිසිදු රසායනික ද්රව්යවයකින් තොරව නිෂ්පාදනය කෙරෙන්නක් බව පෙන්වා දෙයි. මෙම පොහොර විශේෂයෙහි බැර ලෝහ වන කැඩ්මියම්, ආසනික්, ලෙඩ් සහ මර්කරි ලෝහ අඩංගු නොවන බව පැවසෙන අතර සිරුරට අහිතකර ක්ෂුද්රජීවීන් කිසිවෙක්ද අඩංගු නොවන බව පෙන්වා දෙයි.
100% ක් දේශීය සමාගමක් වන සීමාසහිත නේචර්ස් බියුටි ක්‍රියේෂන් සමාගම මගින් මෙම පෙහොර නිෂ්පාදනය කෙරේ.
පසුගිය වසරේ නිකුත් වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නිකුත් වූ වාර්තාවකින් අනාවරණය වූයේ රසායනික පොහොර වැඩියෙන්ම භාවිත කරන රටවල් අතර ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානයේ පසුවන බවය. එසේම හෙක්ටයාරයක් සඳහා වැඩිම පලිබෝධ භාවිත කරන රට ශ්‍රී ලංකාව ලෙසද සැලකෙයි.
තාක්ෂණ හා පර්යේෂණ ඇමැති පාඨලී චම්පික රණයක මහතා ජෛව පොහොර හඳුන්වාදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේය.