උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක් පිටවීම සම්බන්ධයෙන් එම අත්පත්‍රිකාව මුද්‍රණය කළ බව කියන පෞද්ගලික උපකාරක පංති ගුරුවරයාගේ පියා හා සහෝදරයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ගම්පහ ප්‍රදේශයේ කාන්තා පාසලක් ඉදිරිපිටදී මෙම අත්පත්‍රිකා බෙදා හැර තිබුණි. ඒ පිළිබඳව ගම්පහ පොලීසිය පරීක්ෂණ පැවැත්වූ අතර විභාග කොමසාරිස් ජෙනරාල්වරයාද පොලිස්පතිට දන්වා තිබුණේ පරික්ෂණයක් පවත්වන ලෙසයි.