මුදල් අමාත්‍ය රවි කරුණායක මහතාට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (09දා) පැමිණිලි කළේය.
මුදල් අමාත්‍යවරයා විසින් පසුගිය මාස 18 ඇතුළතදී සිදුකළ දූෂණ වංචා සිද්ධි 12ක් සම්බන්ධව තොරතුරු ලැබී තිබෙන බවත්,ඉන් තුනක් සම්බන්ධව අද දිනයේදී පැමිණිලි කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ඒකාබද්ධ විපක්ෂය බොරැල්ල එන්.එම්.පෙරේරා කේන්ද්‍රයේ පැවැත්වූ මාධ්‍ය හමුකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රවි කරුණානායක මහතාට අමතරව ඉදිරියේදී තවත් ඇමතිවරුන් 09 දෙනෙකුට එරෙහිව සතිපතා පැමිණිලිකරන බවයි.