ඇමති රවි කරුණානායක මහතාට විරුද්ධව ඉදිරිපත් වී ඇති විශ්වාංශ භංග යෝජනාවේදී තමන්ද ඡන්දය ප්‍රකාශ කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඊයේ (05දා) රාත්‍රියේ හික්කඩුව ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“වැරදි මතයක් ගිහින් තිබෙනවා. රවිට විතරක් නෙවෙයි මේ ආණ්ඩුවට විරුද්ධව කැමැත්තෙන් ගිහින් ඡන්දය ප්‍රකාශ කරනවා. මේ තුළින් කාටවත් මගහරින්න බැහැ. ඔහුව රකින්න හදපු සියලුදෙනාත් මෙයට වගකියන්න ඕන. පළමු වතාවට මෙම විශ්වංශ භංග යෝජනාවේදී තමයි මම ඡන්දය ලබා දෙන්නේ. හුඟක් අය ඡන්දය දේවි. මම හිතන්නේ එජාපයේ කොටසකුත් ඡන්දය ලබාදේවි.
පළාත් පාලන ඡන්දය එන්න ඕන. අපි දන්නේ නැහැ ඒවිද නැද්ද කියලා. මේ අය ඡන්දයට බයයි. මේ ආණ්ඩුවට විරුද්ධව රටේ ජනතාවගේ විරෝධයක් තිබෙනවා. රටේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ ප්‍රශ්න තියාගෙන මම සුදනා මම සුදනා කියලා. ඉස්සා වගේ හිසේ ජරාව තියාගෙන කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ” යනුවෙන් පැවසීය.