2017 අයවැය මගින් සංවර්ධන ව්‍යාපෘති සහ වෙනත් කටයුතු සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන නැවත ප්‍රමුඛතාගත කිරීමට කැබිනට් අනුකමිටුවක් පත්කොට තිබේ.
ආපදාව කටයුතු ප්‍රතිසංවර්ධනය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසාගැනිම සඳහාත් ආපදා නිසා හානියට පත් ගොඩනැගිලි හා අනෙකුත් ප්‍රාග්ධන වත්කම් පුනරුත්ථාපනය සිදුකිරීම පිණිසත් නිර්දේශ ඉදිරිපත් කිරීමට මෙම කැබිනට් අනුකමිටුව පත්කොට ඇත.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධනඅමාත්‍ය කබීර් හෂීම් මහතා මෙම කැබිනට් අනු කමිටුව නියෝජනය කරයි.
2017 වසර සඳහා වන අයවැය 2016 වසරේදී ඉදිරිපත් කළේ හිටපු මුදල් ඇමති මෙන්ම වත්මන් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණනායක මහතායි.