රවී කරුණානායක මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණයට සිය ප්‍රණාමය පුදකරන බව විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා අද (10දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියේය.
රවී කරණානායක මහතා වැරදිකරුවෙකු ලෙස තවම තීරණය කළ නොහැකි බවත් ඒ මහතාට කිසිඳු අධිකරණයකින් තවමත් වැරදිකරුවෙකු ලෙස නම් කර නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඒ කෙසේ වුවත් රවී කරුණානායක මහතා අනික් මන්ත්‍රීවරුන්ට නව ආදර්ශයක් ලබා දුන් බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.