බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මේ වන විට චෝදනාවකට ලක්ව ඇති විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණනායක මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙසට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැබිනට් අමාත්‍යවරු ඉල්ලා ඇතැයි ඇතැයි වාර්තා වෙයි.
ජනපතිවරයා හා නිදහස් පක්ෂ කැබිනට් අමාත්‍යවරුන් අතර ඊයේ (08දා) රාත්‍රියේ පැවැති විශේෂ හමුවකදී ඔවුන් මෙම යෝජනාව ජනපතිට ඉදිරිපත් කර ඇත.
මේ අතර රවි කරුණනායක මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව කතානායක කරු ජයසූරිය මහතා හෙට දිනයේදී තීරණයක් ලබාදීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මැති ඇමතිවරුන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මැති ඇමතිවරුන්, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්, ජනතා විමුක්ති පෙරමුණ විශ්වාසභංගමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.