විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණනායක මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යොජනාවේ නීති ප්‍රශ්න මතුව ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ඒ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුරු කුමාර දිසානායක මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නොදමා ඇත්තේ ඇයිදැයි අනුර කුමාර නැගූ ප්‍රශ්නයකට කතානායක එම පිළිතුරු ලබාදුන්නේය.එසේම කතානායකවරයා සඳහන් කළේ මේ පිළිබඳව බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා පාර්ලිමේන්තුවට දැනුම් දිය හැකි බවයි.
එවට අනුර කුමාර දිසානායක මහතා පැවැසුවේ නීති ප්‍රශ්න සෙවීමට ප්‍රථම එය න්‍යාය පත්‍රයට දැමිය හැකි බවයි. එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසුවේ විශ්වාසභංගය පළිබඳව අවසන් තීරණය කතානායකට ගත හැකි බවයි.