එකාබද්ධ විපක්ෂය විසින් විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණනායක මහතාට ඉදරිපත් කළ විශ්වාසභංග යෝජනාව මේ සතියේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවෙනු ඇති බව වාර්තා වෙයි.
රවි කරුණනායක මහතාට එරෙහිව ඉදරිපත්වූ විශ්වාසභංග යෝජනාවට ආණ්ඩුව නියෝජනය කරන නිදහස් පක්ෂ මෙන්ම එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරු පක්ෂව ඡන්දය භාවිත කිරිමට තිරණය කර ඇති බවද වාර්තා වෙයි.
අමාත්‍යවරයාට එරෙහිව මිට ඉහතදීත් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදරිපත් වූ අතර එයින් ඔහු ජය ලැබීය. නමුත් මෙවර විශ්වාසභංග යෝජනාවට ඔහුට මුහුණදීමට අපහසු වෙනු ඇති බවයි දේශපාලන විචාරකයන් පවසන්නේ.