රවිට එරෙහි විශ්වාසභංගය ජුනි 08 දා
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව පොදු විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව ජුනි 08 වැනි බදාදා විවාදයට ගැනීමට පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී තීරණය කර තිබේ.
ඒ අනුව එදින පස්වරු 2.00 සිට 6.00 දක්වා විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වෙන අතර, පස්වරු 6.00 ට ඡන්ද විමසීම පැවැත්වීමට සැලසුම් කර තිබේ.
රවි කරුණානායක අමාත්‍යවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දය භාවිත කිරීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇති අතර, ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් එදින පාර්ලිමේන්තුවේ රැඳී සිටීම අනිවාර්ය කර තිබේ.
මෙදින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විදෙස් නිවාඩු අවලංගු කර ඇති අතර, විදෙස්ගතව සිටින මන්ත්‍රීවරුන්ටද වහාම පැමිණෙන ලෙස දන්වා ඇතැයි වාර්තා වේ.
පොදු විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිස් හත් දෙනෙකුගේ අත්සනින් මුදල් ඇමති රවි කරුණානායක මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් කථානායකවරයාට බාරදෙනු ලැබුවේ පසුගිය මාර්තු 24 වැනි දිනය.
එහිදී මුදල් ඇමති රවි කරුණානායක මහතා කෙරෙහි විශ්වාසයක් නැති බවත්, ඔහු මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සඳහාත් යෝජනා කරමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු මෙලෙස විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

