විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණනායක මහතාට එරෙහිව ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාව හරහා පරාජයට පත්නොවී අමාත්‍යධුරයෙන් ඉවත් වෙන ලෙස ඔහුට රජයේ ඉහළ නියෝජිතයන් පවසා ඇතැයි වාර්තා වෙයි.
ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවට මේ වන විට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් පක්ෂය ඡන්දය භාවිත කිරීමට තීරණය කර තිබේ.
අමාත්‍යවරයාට එල්ල වී තිබෙන චෝදනා හේතුවෙන් ඔහු ඉවත් නොවුණ හොත් රජය අපහසුතාවයට පත්වෙනු ඇතැයිද රජයේ ඉහළ පෙළ නියෝජනය විශ්වාස කර තිබේ.
මේ අතර විශ්වාසකටයුතු ආරංචි මාර්ග වලින් දැක්වෙන්නේ ජනපති මෙන්ම අගමැතිද අමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙසට දන්වා ඇති බවයි.