හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි රාජ් ඝාතනය සම්බන්ධයෙන් පවත්වන නඩුව සඳහා විශේෂ සිංහල ජූරි සභාවක් පත්කරන්න යැයි එහි විත්තිකරුවන් කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා සිටියේය. නාවික හමුදා හා පොලිස් නිලධාරන් පිරිසක් මෙහි විත්තිකරුවන් ලෙස නම්කොට තිබේ. ඒ සඳහා විරෝධතා ඇත්නම් එළැඹෙන 11දාට පෙර ලිඛිතව දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.