අමාත්‍ය රවි කරුණානායක මහතාගේ සිද්ධිය මුල් කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම කැබිනට් වර්ජනයක් සිදුකරන බවට ගෙන යන ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.
පක්ෂය එවැනි තීන්දුවක් ගෙන නොමැති බවත්, කැබිනට් මණ්ඩල ප්‍රධානියා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිසා කිසිලෙසකින් කැබිනට් මණ්ඩල වර්ජනයක් සිදුනොවන බවද අද (09දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මහ ලේකම්වරයා ප්‍රකාශ කළේය.