රුපියල් මිලියන 390 ක විනිමය වංචාවක් සිදුකළ බවට වූ චෝදනාවෙන් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා නිදොස් කොට නිදහස් කිරීම සම්බන්ධයෙන් නැවත අභියාචනයක් හෝ ඉහළ අධිකරණයක නඩුවක් ගොනු කරන්නැයි ජාතික නිදහස් පෙරමුණ නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.
එම පක්ෂයේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා සඳහන් කළේ, මෙම නඩු තීන්දුව හේතුවෙන් අධිකරණයේ අපක්ෂපාතීත්වයට, ස්වාධීනත්වයට, විශ්වාසනීයත්වයට, නෛතික පාරදෘශ්‍යභාවයට හා නෛතික වගවීමට බලපෑමක් සිදුව තිබෙන බවයි.
ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (21දා) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ බව සඳහන් විය.
සාමාන්‍ය‘යෙන් නඩුවක් විභාග කර අවසන් වූ දිනයේදීම තීන්දුවක් ලබාදීමක් සිදුනොවුණද, මෙම නඩු විභාගය අවසන් වූ දිනයේදීම තීන්දුව ප්‍රකාශ කිරීම සැකසහිත බවද සමරවීර මහතා පැවසීය.
මෙම නඩුව විභාග කළ විනිසුරුවරිය නඩු තීන්දුව ලබාදුන් දිනයේදීම විශ්‍රාම ගැනීම හේතුවෙන් මෙම නඩුව පිළිබඳ අවිශ්වාසනීයත්වයක් හා අපැහැදීමක් ඇතිවන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
එසේම නඩුව විභාග වන අවස්ථාවේදී රවී කරුණානායක මහතා විත්ති කූඩුවට නැග ජංගම දුරකථනය භාවිත කිරීම බරපතළ කාරණයක් බව ජයන්ත සමරවීර මහතා කියා සිටියේය.
"සාමාන්‍යයෙන් අධිකරණ ශාලාව තුළට ජංගම දුරකථනයක් රැගෙන යන්න බැහැ. නීතිඥ මහත්වරුන් පවා අධිකරණ ශාලාව තුළදී දුරකථන භාවිත කරන්නෙ නැහැ. නමුත් රවී කරුණානායක මහතා විත්ති කූඩුවට නගින්නෙත් ජංගම දුරකථනත් අතැතිවයි. එපමණ නොවෙයි ඔහු විත්ති කූඩුවෙ සිට ජංගම දුරකථනය භාවිත කරනවා. ඔහු එහිදී හැසිරුණේ තමන්ගේ ගෙදර නිදන කාමරයේ හැසිරෙනවා වගෙයි.
සාමාන්‍ය නඩු කටයුත්තකදි සාක්ෂිකරුවෙක් කැඳවන්නේ නඩු දිනයට සතියකට, දින 10 කට ඇතැම් විට සති 02 කට පෙර සිතාසියක් එවීම මගින්. නමුත් මෙම නඩුවේදී සාක්ෂිකරුවෙක් කැඳවා තිබුණේ දුරකථන පණිවිඩයක් ලබාදීම මගිනුයි. ඒ අනුව මේ නඩුව සාක්ෂිකරුවන් දුරකථන පණිවිඩ මගින් කැඳවූ නඩුවක් ලෙස මෙරට අධිකරණ ඉතිහාසයට එක්වෙනවා."{ යැයි පැවසීය.