රනිල් වික්‍රමසිංහ මහතා සහ අනුර කුමාර දිසානායක මහතා මැතිවරණවලට බියේ මහින්දට බෑ කියමින් පොදු අපේක්ෂකයෙකු පසුපස හඹායන බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (12දා) ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ 'රට ආපස්සට අදින පරගැති මෙහෙයුම් පරදවනු' යන තේමාව යටතේ ජාතික සංවිධාන එකමුතුව අද (12දා) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වූ විශේෂ ජාතික සමුළුවේදීය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේදී ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ රට බෙදන ව්‍යවස්ථාව වෙනුවට රට හදන අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කරන කාරණය ඇතුළත් කළ යුතු බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ගුණදාස අමරසේකර මහතා පැවසීය.
ඡායාරූප ඒශාන් ප්‍රනාන්දු