එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක සහ විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා තමා පෞද්ගලිකව මුණගැසී ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන්නැයි ඉල්ලා සිටි බව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පැවසීය.
තමන් මේ පිළිබඳව සුහදව සාකච්ඡා කිරීමට සූදානම් යැයි රනිල් වික්රමසිංහ මහතාට දැන්වූ බවද ෆොන්සේකා මහතා පැවසීය.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුත්තේ එක්සත් ජාතික පක්ෂය, ප්රජාතන්ත්රවාදී පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ යන විපක්ෂයේ ප්රධාන දේශපාලන පක්ෂ තුන අතරින් එකකින් බවයි.