ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයෙකු අගමැති ලෙස පත්කර ගැනීම සඳහා අග්රාමාත්යයධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමේ කිසිදු උත්සාහයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන නොමැති බව ශ්‍රීලනිප මහ ලේකම්,කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
මහනුවර ගන්නෝරුවේදී පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමතිවරයා (18) දා මෙම අදහස් පළ කළේය.
ජනතාව පසුගිය මහ මැතිවරණයේදී ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකටවත් තනිව ආණ්ඩුවක් සකස් කරන්නට බලය ලබා නොදුන් බවත්, ප්‍රධාන පක්ෂ දෙකටම පවතින අඩු මන්ත්‍රීවරුන් ගණන අනෙක් පක්ෂයෙන් ලබාගෙන බහුතරය පෙන්වා තනි ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව තිබියදී පක්ෂ දෙකම එම ක්‍රියාමාර්ගයට නොගොස් පක්ෂ දෙක එකතුවී ජාතික ආණ්ඩුවක් පිහිටුවූයේ රටේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් සෙවීමට බවත්අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
ජාතික ආණ්ඩුව අහම්බයක් ලෙස ඇතිවූවක් නොවන බවත්, ජනපති හා අගමැති ඉතා අවබෝධයෙන් පක්ෂ දෙකේ අනුමැතිය ඇතිව මෙය ඇති කළේ රට වෙනුවෙන් බවත් අමාත්‍යවරයා කීය.