සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ද අද (31දා) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබේ.
ජනාධිපති අරමුදලේ මුදල් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අවභාවිත කර ඇති බවට රංජන් රාමනායක මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් සටහන් කරගැනීමට මෙලෙස කැඳවා ඇතැයි වාර්තා වේ.