රුපියල් කෝටි 11 ක් පමණ වටිනා රත්රන් කිලෝග්රෑම් 20 ක් සමග ශ්රී ලාංකිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඉන්දියාවේ නවදිල්ලි ගුවන්තොටුපොලේදී රේගු නිලධාරීන් ඊයේ (23 දා) සමත් වී තිබේ.
මුම්බායි සිට නවදිල්ලි බලා පැමිණි ගුවන්යානයක පැමිණි මෙම ශ්රී ලාංකිකයන් දෙදෙනා සතුව කිලෝ 10 බැගින් වූ රත්රන් බාර් 2 ක් තිබී සොයාගෙන ඇත.
සැකකරුවන් පැමිණි ගුවන්යානයේ ආසන යට මුලින්ම මෙම රත්රන් තොගය සඟවා ඇති අතර, එයට සම්බන්ධ වූවන් සොයාගැනීමට රේගු නිලධාරීන් පරීක්ෂණ පවත්වන බව ‘Business Standard’ පුවත් සේවය පවසයි.